Sinhala Magazine, Web Magazine, Daily updated Sri Lanka News, sports News, History of Sri Lanka, Music Dancing , Online Magazine
 
 
 

Sinhala iMagazine

Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.

Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.

මුල් පිටුව > ක්‍රීඩා

  • ශ්‍රී ලංකාව වාර්තා පිට වාර්තා තබයි

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රථම ටෙස්‌ට්‌ තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ වසර 72 ක්‌ පැරැණි ලෝක වාර්තාවක්‌ බිඳදැමූ මහේල ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන පළමු ඉනිමේ සුවිසල් ලකුණු පරතරයක්‌ කරා ශ්‍රී ලංකාව රැගෙන යැමට සමත් වූහ.

    ඔවුන් දෙදෙනා එකතුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවනු ලැබූ ලකුණු 351 ක සබඳතාව හේතුවෙන් කඩුලු 7 ක්‌ දැවී ලකුණු 760 ක දැවැන්ත ඉනිමක්‌ ගොඩනඟා ඉන්දියාවට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව විසින් ආරාධනා කරනු ලැබුවේ ලකුණු 334 ක පරතරයක්‌ තබමිනි. මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව රැස්‌ කළ ලකුණු සංඛ්‍යාව ඉන්දියාවේදී ටෙස්‌ට්‌ තරගයක වාර්තා වූ විශාලම ඉනිම ලෙස ද වාර්තා අතරට එක්‌වේ. ඊයේ දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක්‌ දැවී ලකුණු 192 ක්‌ ලබා සිටියේ පන්දුවාරයක්‌ සඳහා ලකුණු 4.22 ක (ටෙස්‌ට්‌ තරගයක තරමක්‌ අසාමාන්‍ය) ලකුණු වේගයක්‌ සමගිනි. දිනය නිමා වන විට ගෞතම් ගාම්භීර් (නොදැවී 74) සහ සැඳෑ ආරක්‍ෂකයාගේ කාරිය පැවරුණු අමීර් මිෂ්රා (නොදැවී 12) කඩුල්ලේ රැඳී සිටි අතර ඒaa වන විට පළමු ඉනිමේ ශතක ලාභී ඩ්‍රාවිඩ්ගේ කඩුල්ල සහ විරේන්ද්‍ර ෂෙවාර්ගේ කඩුල්ල ඉන්දියාවට අහිමිව තිබිණි. ඒ අනුව පිතිකරුවන්ට තර්ජනයක්‌ වන මට්‌ටමට පළුදු වී ඇති තණතිල්ලේ ඉනිමක පරාජයකින් ගැලවීම පිණිස තවත් ලකුණු 144 ක්‌ ලබා ගැනීමේ අභියෝගය අද ඉන්දියාවට හිමිවේ.

    ඊයේ ඩ්‍රාවිඩ් සහ ගාම්භීර්ගේ ලකුණු 88 ක සබඳතාව බිඳ දැමීමට වෙලගෙදර එවූ පන්දුව කඩුල්ල මුවා කිරීමක්‌ ලෙස සටහන් වුණිද එය පා ඉන්නෙන් පිටතට ඇදී යන පන්දුවක්‌ බවට පුනර්රූපණවලින් පෙනුණි.

    ඊයේ දිනයේ තරගය ඇරැඹෙණ විට කඩුලු 5 ක්‌ දැවී ලකුණු 591 ක්‌ ලබා සිටි ශ්‍රී ලංකාව දිවා ආහාරයට මඳකට පසු තම ප්‍රථම ඉනිම හමාර කළේය. තරගයේ ගෙවුණු දින 4 න් 3 ක්‌ පිතිකරුවකු ලෙසින් පිටියේ රැඳුණු මහේල ජයවර්ධන පන්දු 435 කට මුහුණදෙමින් හතරේ පහර 27 ක්‌ සහ හයේ පහරක්‌ සමඟ ලකුණු 275 ක්‌ ලබා දැවී ගියේය.

    මහේල ජයවර්ධන විසින් ෂෙවාර්ග්ගේ පන්දුවක්‌ ඉදිරියේ එක්‌ ලකුණක්‌ දිව යැමත් සමඟ මෙයට වසර 72 කට පෙර (1937 දී) මෙල්බනර්න්හිදී එංගලන්තයට එරෙහිව ඔස්‌ටේ්‍රලියාවේ දොන් බ්‍රැඩ්මන් සහ ජැක්‌ ෆින්ග්ලෙටන් එකතුව 6 වැනි කඩුල්ලට ලකුණු 346 ක්‌ රැස්‌ කරමින් තැබූ ලෝක වාර්තාව බිඳී ගියේය.

    එම සබඳතාව වාර්තා වී මඳවේලාවකින් ලකුණු වේගය වැඩි කිරීමට මහේල ගත් උත්සාහයේදී මිශ්රාගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යැමට පෙර ඔහු සිය ටෙස්‌ට්‌ ලකුණු 9000 සම්පූර්ණ කළේය. ඊයේ එම ඉනිමත් සමඟ මහේල පිතිකරු සබඳතා අතර 3 වැනි ලෝක වාර්තාවටත් දායක වීමට සමත් වීම සුවිශේෂී වේ. මෙයට පෙර කුමාර සංගක්‌කාර සමඟ එකතුව දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ලේ ලෝක වාර්තාව ද පසුව තිලාන් සමරවීර සමඟ එකතුව පකිස්‌තානයට එරෙහිව සිව් වැනි කඩුල්ලේ ලෝක වාර්තාවද පිහිටුවීමට මහේල සමත්ව සිටී.

    ඊයේ ප්‍රසන්න ජයවර්ධන නොදැවී රැස්‌ කළ ලකුණු 154 ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිරකැ ලැයිස්‌තුවේ අංක 7 ස්‌ථානයේ ක්‍රීඩා කර පිතිකරුවකු රැස්‌කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ. පන්දු 314 කට මුහුණදී හතරේ පහර 11 ක්‌ එල්ල කළ ඔහු ශ්‍රී ලංකා ඉනිම හමාර කරෙන තුරු කඩුල්ලේ රැඳී සිටියේය.

    ඉන්දීය පන්දු යෑවීමේ අංශයෙන් ලෝක වාර්තා අතරට එක්‌වීමට දඟ පන්දු යවන මිශ්රාට ඊයේ සිදුවූයේ ටෙස්‌ට්‌ තරගයෙකදී වැඩිම ලකුණු ලබාදුන් පන්දු යවන්නා වශයෙනි. ඔහු විසින් යෑවූ පන්දුවාර 58 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 203 ක්‌ ලබා තිබිණි.

     
  •