Sinhala Magazine, Web Magazine, Daily updated Sri Lanka News, sports News, History of Sri Lanka, Music Dancing , Online Magazine
 
 
 

Sinhala iMagazine

Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.

Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.

මුල් පිටුව > විශේෂාංග

  • ජෙනරාල්ගේ සමුගැනීම

    එවන් අභිමානවත් තත්ත්වයක්‌ දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි (CDS)තනතුරට පත්විය.

    එම තනතුර ඔහුට ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ජෙනරාල් ෆොන්සේකා කළ උදාර ජාතික මෙහෙවරට උපහාරයක්‌ සහ කෘතගුණ සැලකීමක්‌ වශයෙනි.

    තේජාන්විත නිල ඇඳුම ගතෙහිලා, අභිමාන්විත ජෙනරාල් නිල ලාංඡන දෙඋර මත ලා, ගෞරවාන්විත ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර තවදුරටත් දරමින් මවුබිමට සේවය කිරීමට අවස්‌ථාව තිබියදී ජෙනරාල් සරත් ෆොන්සේකා සිය 39 වසරක ප්‍රෙෘඪ යුද හමුදා සේවයෙන් සමුගනු ලැබීය.

    දශක තුනක පමණ කාලයක්‌ පැවැති මිනීමරු කොටි ත්‍රස්‌තවාදී ශාපයෙන් පීඩා විඳි මෙරට සමස්‌ත ජනතාව මුදාගැනීමේ වික්‍රමාන්විත යුද මෙහෙවරට අභීත හමුදා නායකත්වය දුන් එඩිතර යුද සෙන්පති ලෙස විරුදාවලියට පත් ජෙනරාල් සරත් ෆොන්සේකා සිය නිල කාලය සපිරීමට පෙර හදිසියේ හමුදා සේවයට සමුදුන්නේ මහත් ආන්දෝලනාත්මක හා අවිනිශ්චිත තත්ත්වයක්‌ උදාකරවමිනි.

    1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

    එA අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

    මරුවා පරදවා දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.

    එවන් අභිමානවත් තත්ත්වයක්‌ දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි
    (CDS)
    තනතුරට පත්විය.

    එම තනතුර ඔහුට ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ජෙනරාල් ෆොන්සේකා කළ උදාර ජාතික මෙහෙවරට උපහාරයක්‌ සහ කෘතගුණ සැලකීමක්‌ වශයෙනි.

    එම තීරණය ගැනීමේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකයා තරමක අසීරුතාවකට පත්වූ අවස්‌ථාවක්‌ ද විය. එA වන විට සක්‍රිය සේවයෙහි නිරතව සිටි ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා අතරින් හමුදාපති තනතුරෙහි වැඩි කාලයක්‌ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියාව සිටියේ එවක නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නිසා ඔහු ද මීළඟ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස පත්වීම සඳහා සුදුස්‌සකුව සිටීම ජනාධිපතිවරයා මුහුණ දුන් ප්‍රශ්නය විය.

    එA වන විට නාවික හමුදාපතිවරයා යුද හමුදාපතිවරයාට වඩා මාස 03 ක පමණ කාලයකින් ජ්‍යෙෂ්ඨ වීම නිසා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් සුදුස්‌සා බවට අද්මිරාල් කරන්නාගොඩ පත්ව සිටියේය.

    ජෙනරාල් ෆොන්සේකා සහ අද්මිරාල් කරන්නාගොඩ අතරේ පාසල් වියේ සිට පැවැති අමනාපය ඔවුන් දෙදෙනාම තම හමුදාවල ප්‍රධානීහු බවට පත්වූ පසු නයි මුගටි වෛරය වැනි තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී තිබූ බව කවුරුත් දැන සිටි ප්‍රකට කරුණකි.

    එවන් තත්ත්වයක්‌ යටතේ යුද හමුදාපති සහ නාවික හමුදාපති අතර පැවැති ගැටුම්කාරී බව පාලනය කිරීමට හෝ සමථයකට පත් කිරීමට කිසිවකුත් සමත් නොවූ අතර, එA සඳහා කිසිවකු උත්සාහ කළේ ද නැත. එA ජෙනරාල් ෆොන්සේකාගේ දැඩි පිළිවෙත පිළිබඳව කවුරුත් හොඳින් දැන සිටි බැවිනි.

    කෙසේ වෙතත් හමුදාපති ධුර කාලයෙන් නාවික හමුදාපතිවරයාට වඩා මාස 03 ක්‌ අඩු වුවද, පූර්ණ හමුදා සේවා කාලයෙන් නාවික හමුදාපතිවරයාට වඩා වැඩිවීමත්, යුද්ධය නිමා කිරීමට ප්‍රමුඛව කටයුතු කිරීමත් සලකා බලා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර ජනරාල් සරත් ෆොන්සේකා වෙත ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෘතවේදී විය.

    වසර 02 නිල කාලයක්‌ සහිත එම තනතුරෙහි මාස 04 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ කටයුතු කළ ජෙනරාල් ෆොන්සේකා ඉන් ඉල්ලා අස්‌වීම නිසා එහි වැඩ බැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක පත් කරන ලදී. දැනට සිටින ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් හමුදාපති සේවා කාලයෙන් ජ්‍යෙෂ්ඨතමයා ඔහු බැවින් වැඩබලන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර ඔහුට හිමි විය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරින් සමුගත් අවස්‌ථාවේදී ඔහුට ලබාදුන් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළේ නම් එම තනතුරට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇත.

    එසේ වූවා නම් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර පිළිබඳ මෙවන් අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගත නොවනු ඇත. ගුවන් හමුදාපති තනතුර දැරූ කාලය සැලකීමේදී යුද සහ නාවික හමුදාපතිවරුන් දෙදෙනාට වඩා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ජ්‍යෙෂ්ඨ බව සත්‍යයකි. එමෙන්ම නිලයෙන් ද ඔහු සෙසු දෙදෙනාට වඩා උසස්‌ නිලයක සිටී.

    එයාර් චීෆ් මාර්ෂල් නිලය තරු හතරේ ජෙනරාල් නිලයට සමාන නිලයකි. යුද හමුදාපතිවරයා දරන ලුතිනන් ජෙනරාල් නිලයත්, නාවික හමුදාපතිවරයා දරන වයිස්‌ අද්මිරාල් නිලයත් එයාර් චීෆ් මාර්ෂල් නිලයට පහළ නිලයන් වෙති.

    ගුවන් හමුදාපති තනතුර සහ එයාර් චීෆ් මාර්ෂල් නිලය අතින් ජ්‍යෙෂ්ඨ වුවද, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකයන් ගුවන් හමුදා සේවා කාලය නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහගේ සේවා කාලයට වඩා වසර 04 කින් කනිෂ්ඨ වනු ඇත. එමෙන්ම ගුවන් හමුදාපතිවරයාගේ ගුවන් හමුදා සේවා කාලය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ යුද හමුදා සේවා කාලයට වඩා වැඩි වනුයේ මාස 06 කින් පමණි.

    1978.01.13 වැනි දින කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට බැඳුන එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක 2006.06.11 වැනිදා ගුවන් හමුදාපති තනතුරට පත්විය.

    1978.07.17 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුන ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරට පත්විය.

    1974.07.16 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳුන වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ 2009.07.16 වැනිදා නාවික හමුදාපති තනතුරට පත්විය.

    එA අනුව වත්මන් ත්‍රිවිධ හමුදාපතිවරු තිදෙනා අතරින් සිය හමුදා සේවා කාලයට අනුව ජ්‍යෙෂ්ඨතමයා වනුයේ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහයි. මාස 06 ක පමණ කෙටි කාල පරතරයක්‌ ඇතත් ගුවන් හමුදාපතිවරයා සහ යුද හමුදාපතිවරයා සේවා කාලයට අනුව සමකාලීනයින් ලෙස සැලකිය හැකි වුවත්, ගුවන් හමුදාපති තනතුර ඉසිලු කාලය සැලකීමේදී ගුවන් හමුදාපතිවරයා සෙසු දෙදෙනාට වඩා ජ්‍යෙෂ්ඨ වනු ඇත.

    කෙසේ වෙතත් ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් පුරප්පාඩු වූ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට මෙතෙක්‌ ස්‌ථිර පත් කිරීමක්‌ සිදු කර නැත. ගුවන් හමුදාපතිවරයා පත් කර ඇත්තේ එම තනතුරේ වැඩ බැලීමට පමණි.

    ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ස්‌ථාපිත කරන ලද්දේ හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් රොහාන් දළුවත්ත වෙනුවෙනි. ඔහු යුද හමුදාපති තනතුරින් විශ්‍රාම ගත් පසු එවක ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් නව තනතුර ඇති කර ජෙනරාල් දළුවත්ත ඊට පත් කරන ලදී.

    ඉන් පසු පිළිවෙළින් ජෙනරාල් ලයනල් බලගල්ල, අද්මිරාල් දයා සඳගිරි සහ එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා යන නිලධාරීහු එම තනතුර ඉසිලූහ. පසුව ජෙනරාල් ෆොන්සේකා එම තනතුරෙහි කටයුතු කළේය. එයාර් චීෆ් මාර්ෂල් ගුණතිලක දැන් එම තනතුරෙහි වැඩබලමින් සිටී.

    ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර ඇරඹීමට කාලයකට පෙර එම තනතුරට සමාන තනතුරක්‌ ක්‍රියාත්මකවී තිබිණි. එAකාබද්ධ මෙහෙයුම් ආඥපති  නමින් හැඳින්වූ එහි ප්‍රථම ආඥපතිවරයා වශයෙන් ජෙනරාල් තිස්‌ස ඉන්දික වීරතුංග කටයුතු කළේය.

    1985 වසරේ පිහිටුවන ලද එAකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ප්‍රථම ආඥපති වශයෙන් පත්වූ ජෙනරාල් වීරතුංග ඊට පෙර යුද හමුදාපති වශයෙන් ද කටයුතු කළේය.

    ඉන් පසු ජෙනරාල් සිරිල් රණතුංග එම තනතුරට පත් කරන ලදී.

    බ්‍රිගේඩියර්වරයකුව සිටියදී යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සිරිල් රණතුංග පසුව ජෙනරාල් නිලයට උසස්‌ කර එAකාබද්ධ මෙහෙයුම් ආඥපති වශයෙන් හිටපු ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන මහතා විසින් පත් කරන ලදී.

    ඉන් පසු ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යුද හමුදාපති තනතුරින් විශ්‍රාමගෙන එAකාබද්ධ මෙහෙයුම් ආඥපති වශයෙන් කාලයක්‌ කටයුතු කළේය.

    ජෙනරාල් රණතුංග සහ ජෙනරාල් වනසිංහ පසු කලෙක ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර ද ඉසිලූහ.

    එAකාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

    අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා 39 වසරක ගෞරවාන්විත හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
     

     සිරිමෙවන් කස්‌තුරිආරච්චි

     
  •