Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
මුල් පිටුව > සාමාන්‍ය
ඉන්දියාවේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ද්විත්ව ශතකය මහේල වාර්තා කරයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදාබාද් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දින අවසානයේ ඉන්දියාවේදී ද්විත්ව ශතකයක් ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වීමේ භාග්‍යය මහේල ජයවර්ධන හිමි කර ගත්තේය.
ඊයේ (17) ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා ලැබූ ලකුණු 426 සඳහා පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද (18) දිනය අවසානයේදී පන්දුවාර 160 කදී කඩුළු 5 කට ලකුණු 591 ක් ලබා ලකුණු 165 ක වාසියක් ද ලබා සිටියි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 112 ක්, තිලාන් සමරවීර ලකුණු 70 ක්, මහේල ජයවර්ධන නොදැවී 204 ක් හා ප්‍රසන්න ජයවර්ධන නොදැවී ලකුණු 84 ක් ද ලබා ඉනිම ශක්තිමත් කළ අතර ඉන්දීය පිලේ පළමු ඉනිමේදී රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 177 ක් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 110 ක් ද ලබාගනිමින් දස්කම් දැක්වූහ.
හෙට (19) තරඟයේ සිව්වැනි දිනයයි.
ranjan


