Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
මුල් පිටුව > දේශපාලන
ජනාධිපතිවරණය ලබන ජනවාරියේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සවස සිය ඇමති මණ්ඩලය අමතමින් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානුව දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිල වශයෙන් ලබන සඳුදා (23) ප්‍රකාශයට පත්කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ ඔහු ජනාධිපති ධූරයට පත්වී වසර හතරක් ගතවීමෙන් පසුව ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට හිමිවී තිබෙන බලතල අනුවය.
ලබන ජනවාරියේ තෙවැනි සතියේ දී පමණ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ලබන මැයි මාසයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රන්ජන්


