Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
මුල් පිටුව > ක්‍රීඩා
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 275 යි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අහමදාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්‌ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනට තරගය නතර කරන විට තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 7 ක් අතැතිව පළමු ඉනිමේ ලකුණු 151 ක් පසුපසින් විය.
ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 184 වන තුරු කඩුල්ලේ රැඳුනු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඉන් ලකුණු 112 ක් තමන්ගේ පිත්තෙන් වාර්තා කිරීමට සමත්විය. පන්දු 120 කදී හතරේ පහර 11 ක් සමඟ තම 10 වැනි ටෙස්‌ට් ශතකය රැස්‌කළ ඩිල්ෂාන් පිටියේ මැනවින් ස්‌ථාවර වී සිටියදී සහීර් ඛාන්ගේ බවුන්සර් පන්දු හමුවේ පහරක් එල්ල කිරීමට ගොස් නොසිතූ පරිදි තම කඩුල්ල ලබාදුනි.
තරංග පරණවිතාන සමඟ පළමු කඩුල්ලේ ලකුණු 74 ක සබඳතාවක් ගොඩනැගු ඩිල්ෂාන් දැවී ගියේ සංගක්‌කාර සමඟ ලකුණු 115 ක සබඳතාවක්‌ද පිහිටුවමිනි.
ඩිල්ෂාන් දවාගත් පන්දුවාරයට පසුව ඛාන් යෑවූ අනෙක් පන්දුවාරයේදී ඩිල්ෂාන් දැවී ගිය අයුරින්ම අපරික්‍ෂාකාරී පහරකට ගොස් ලකුණු 31 ක් ලබා සිටි නායක සංගක්‌කාර දැවී ගියේය. සහීර් ඛාන්ගෙන් එල්ලවූ බවුන්සර් පන්දුව හඹාගොස් එල්ල කළ පහර තෙන්ඩුල්කාර්ගේ අතට උඩපන්දුවක් වී සංගක්‌කාරගේ ඉනිම අවසන් වීමත් සමඟ ඉන්දියාවට මද අස්‌වැසිල්ලක් ලැබිණි.
එහෙත් ඉන් අනතුරුව දිනය අවසන් වන තුරු ඉන්දියාවට කිසිදු අවස්‌ථාවක් ලබා නොදුන් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 81 ක සබඳතාවක් පිහිටුවූහ. දිනය අවසන් වන විට මහේල ලකුණු 36 ක්‌ද තිලාන් සමරවීර ලකුණු 45 ක් ද ලබා නොදැවී සිටියහ.
ඊයේ දිනයේ තරගය ඇරඹීමත් සමඟ පෙරදින ලකුණු 177 ක් ලබා සිටි රාහුල් ඩ්‍රාවිඩ් දැවී ගියේ එම ලකුණු සංඛ්‍යාවට එක් ලකුණක් හෝ එක්‌කිරීමට පෙරාතුවය. ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 41 කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීමත් සමඟ ලකුණු 426 කට ඉන්දීය පළමු ඉනිම අවසන් විය.
තම මංගල ටෙස්‌ට් තරගයේදී (පළමු ඉනිමේ) ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථකම පන්දු යවන්නා වූ චානක වෙලගෙදර ඉන්දීය ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 81 කට දවාගත්තේය.


